General26 May 2026

කපිලගේ ජංගම දුරකතනයේ දත්ත ගන්න ඇපල් සමාගමට ඉල්ලීමක්

අබිරහස් ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනයේ දත්ත ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිසිය හරහා ඇපල් සමාගම වෙත ඉල්ලීමක් කර ඇති බව බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (26) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කරුණු දැක්වූවා.

කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයට අදාලව අද (26) සාක්ෂි අංක 17,18, 19 සහ 20 යන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කැඳවීමට තිබූ අතර 17 වන සහ 18 වන සැකකරු පමණක් අධිකරණයේදී සාක්ෂි ලබාදෙනු ලැබුවා.

සිද්ධියට අදාළ 19වන සහ 20වන සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතීඥ උදාර මුහන්දිරම් යනඅය අද (26) අධිකරණය පෙනී සිටියේ නෑ.

ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කර සිටියේ එම සාක්ෂිකරුවන් දෙදෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ බවයි.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ ඔවුන් නොපැමිණීම සම්බන්ධයෙන් කරුණු විමසා බලා නැවත එම සාක්ෂිකරුවන්ට දැනුම් දෙන ලෙසයි.

සිද්ධියට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 29 දින යළි කැදවීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes