General26 May 2026

මුහුද රළුයි: ගොඩබිමට රළ ගැලීමේ අවදානමක්

දිවයින වටා මුහුදු ප්‍රදේශවල මුහුද රළු විය හැකි බවත්, ඇතැම් වෙරළාශ්‍රිත ප්‍රදේශවලට මුහුදු රළ ගොඩබිමට ගැලීමේ අවදානමක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නාවික සහ ධීවර ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශ හා මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ රළු විය හැකියි.

එමෙන්ම එම ප්‍රදේශවල පැයට කිලෝමීටර 60 දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං ද ඇති විය හැකි බවද සඳහන්.

මේ අනුව කල්පිටිය සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල, මුහුදු රළ ගොඩබිමට ගැලීමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් එම වෙරළාශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව ද අවධානයෙන් පසුවිය යුතුයි.
Related recommendation
Hiru TV News | Programmes