General27 May 2026

වැලිකඩ පොලිසියේ OIC අත්අඩංගුවට

අන්තර්ජාල ජාවරමට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදෙස් ගමන් බලපත්‍ර නිදහස් කිරිම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලු‍ බව කියන වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට තිබෙනවා.

මෙම ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙරට රැදී සිටි චීන ජාතිකයින් 90කට අධික පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවේ රාජගිරිය ප්‍රදේශයේ රැදී සිටියදීයි.

එහිදී චීන ජාතිකයින් 19 දෙනෙකු පලා ගොස් ඇති අතර, එම පිරිසගේ විදෙස් ගමන් බල පත්‍ර නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම, සාවද්‍ය පරිහරණය යන චෝදනා පොලිස් ස්ථානාධිපතිවරයාට එල්ල වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes