ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාපති වශයෙන් කටයුතු කළ අද්මිරාල් කාංචන බානගොඩ සිය වසර 36කට අධික දීර්ඝ සේවා කාලය අවසන් කරමින් අද (01) නාවික හමුදා සේවයෙන් නිල වශයෙන් විශ්‍රාම ලැබු බව නාවික හමුදාව පවසනවා.
අද්මිරාල් කාංචන බානගොඩ 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින සිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාපතිවරයා වශයෙන් රාජකාරි කටයුතු සිදුකරනු ලැබුවා.
විශ්‍රාම ලැබීමේ නාවික හමුදා සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අද (01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණා.
එහිදී ඔහු විසින් නාවික හමුදාපති ධූරයේ නිල රාජකාරීන් අභිනව නාවික හමුදාධිපති වශයෙන් පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත නිල වශයෙන් භාරදීම සිදු කෙරුණු බවයි නාවික හමුදාව පැවසුවේ.
ඉන් අනතුරුව නාවික හමුදා සම්ප්‍රදායානුකූල විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද කරනු ලැබුවා.
අභිනව නාවික හමුදාපතිවරයා ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සමුදීමෙන් අනතුරුව, විශ්‍රාමලත් 26 වන නාවික හමුදාපතිවරයා නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටත්ව ගියා.
හෙතෙම පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සිය සුභාශිංසන පිරිනැමීම සිදුකළා.
Latest News
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කෙරේ
Local
01 July 2026
නාවික හමුදා උත්තමාචාර මැද 26 වන නාවික හමුදාපති විශ්‍රාම ලබයි
Local
01 July 2026
ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණි සමරකෝන් අභාවප්‍රාප්ත වෙයි
Local
01 July 2026
මෙම මාසයේ සිට හදිසි නීතිය දීර්ඝ නොකෙරේ: කැබිනට් ප්‍රකාශක
Local
01 July 2026
හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
01 July 2026
ජූලි 06 සිට අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළට
Local
01 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 19.58කින් පහළට
Local
01 July 2026
සුරේෂ් සලේගේ දුරකථනයේ සහ පරිගණකයේ මුරපද සීඅයිඩීයට දෙන්න: අධිකරණයෙන් නියෝග
Local
01 July 2026
බස් ගාස්තු ඉහළට: කැබිනට් ප්‍රකාශක
Local
01 July 2026
බස් ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය
Local
01 July 2026