General27 May 2026

ගුවන් හමුදා නිලධාරියා ඇතුලු දෙදෙනාට ඇප

රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට බීමත්ව සාපරාධිව බලහත්කාරකම් පා රාජකාරියට බාධා කර පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගුවන් හමුදා නිලධාරියා ඇතුලු දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (27) නියෝග කළා.

එක් සැකකරුවෙකුට ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.

මෙම සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමේ පෙරටුවට ඉදිරිපත් කරන තෙක් අද දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

මෙම සිද්ධියට අදාලව සිසිටිවි දර්ශන සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදී පොලිසියට නියෝග කළා.


සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීම කුරුඳුවත්ත පොලිසියේ පොලිස් සැරයන් (75410)ගුණරත්න මහතා විසින් සිදු කරනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes