International27 May 2026

ඉබෝලා වෛරස් ව්‍යාප්තිය: උගන්ඩාවෙන් කොංගෝ දේශ සීමාව වසයි

කොංගෝ ජනරජය තුළ ඉතා දුර්ලභ ගණයේ ඉබෝලා වෛරස් ප්‍රභේදයක් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන්, උගන්ඩාව විසින් කොංගෝ රාජ්‍යය සමග පවතින දේශ සීමාව වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, කොංගෝවෙන් පැමිණෙන රෝගීන් හේතුවෙන් උගන්ඩාවේ සෞඛ්‍ය ක්‍රියාකාරීන් දරුණු ලෙස මෙම වෛරසයට නිරාවරණය වීමේ අවදානමක් මතුව තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් උගන්ඩා උප ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ ඉබෝලා මර්දන කාර්ය සාධක බලකාය විසින් මෙම හදිසි තීරණය ගත් බව සඳහන්.

දැනට ව්‍යාප්ත වන "බුන්ඩිබුගියෝ" (Bundibugyo) නමැති මෙම දුර්ලභ ඉබෝලා ප්‍රභේදය සඳහා මෙතෙක් අනුමත එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති අතර, මේ වන විටත් පුද්ගලයන් 220කට අධික පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes