නයිජර් (Niger) රාජ්‍යයේ උතුරුදිග සහරා කාන්තාර කලාපයේදී මගීන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් තාක්ෂණික දෝෂයකට ලක්ව ක්‍රියාවිරහිත වීම හේතුවෙන්, දින ගණනාවක් අධික රශ්මිය සහ දැඩි පිපාසය දරාගත නොහැකිව පුද්ගලයින් 49 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මාලි (Mali) රාජ්‍යයේ පැවැති මුස්ලිම් ආගමික උත්සවයකට සහභාගී වී නැවත තම උපන්ගම් බලා පැමිණෙමින් සිටි නයිජර් ජාතිකයින් පිරිසක්.
මාලි සහ ඇල්ජීරියානු දේශසීමාව ආසන්නයේ පිහිටි අසමකා (Assamaka) නගරයට කිලෝමීටර් 80ක් පමණ බටහිරින් වූ අතිශය දුෂ්කර කාන්තාර ප්‍රදේශයකදී මෙම ලොරි රථය අතරමං වී ඇති බවයි නයිජර් බලධාරීන් සඳහන් කරන්නේ.
රථයේ රියදුරු, සහායකයා සහ මගීන් එක්ව වාහනය අලුත්වැඩියා කිරීමට දැඩි උත්සාහයක් ගෙන තිබුණද එය අසාර්ථක වී තිබෙනවා. ජලය සහ ආහාර නොමැතිව, සෙවනක් නොමැති කාන්තාරයේ දරුණු උෂ්ණත්වය හමුවේ කොටු වූ මෙම පිරිසෙන් දිවි බේරා ගැනීමට සමත් වී ඇත්තේ පුද්ගලයින් දෙදෙනෙකු පමණයි. ඔවුන් දෙදෙනා කිලෝමීටර් 50කට වඩා වැඩි දුරක් පා ගමනින් කාන්තාරය හරහා ගොස් ජල උල්පතක් සොයාගෙන, අනතුරුව අසමකා නගරයට ළඟා වී බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් අදාළ ස්ථානයට යන විටත් ලොරි රථය තුළ සහ ඒ අවට තිබී පිරිමින්, කාන්තාවන් ඇතුළු 49 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර, පවතින සෞඛ්යාරක්ෂිත තත්ත්වයන් මත ඔවුන්ගේ සිරුරු එම ස්ථානයේදීම සමූහ වළවල්වල තැන්පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම මෙහෙයුම අතරතුරදී බැටරි දෝෂයක් හේතුවෙන් දින 3ක් පුරා එම ප්‍රදේශයේම අතරමංව සිටි මගීන් 60කට අධික පිරිසක් රැගත් තවත් ලොරි රථයක් බේරා ගැනීමට ද සහන කණ්ඩායම්වලට හැකි වූ බවයි නයිජර්හි අගාඩෙස් (Agadez) කලාපීය ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මුලාශ්‍රය: BBC

Latest News
"සුරේෂ් සලේ මරණය දක්වා මාරාන්තික උපවාසයක!": රැඳවුම් භාරයේ සිදුවන දස වද ගැන ගම්මන්පිලගෙන් දැවැන්ත හෙළිදරව්වක්
Local
06 June 2026
ඉන්දීය T20 ක්‍රිකට් නායකත්වයට අයියර් පත්වෙයි: සූර්යකුමාර් යාදව් සංචිතයෙන්ම ඉවතට!
Local
06 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න: පස් දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන්
Local
06 June 2026
‘Ice Age: Boiling Point’ පූර්ව ප්රචාරක පටය එළිදක්වයි
Local
06 June 2026
රාගම රෝහලේ වැටලීම ගැන GMOA විරෝධය
Local
06 June 2026
සහරා කාන්තාරයේදී ලොරි රථයක් ක්‍රියාවිරහිත වී පිපාසය දරාගත නොහැකිව 49 දෙනෙකු ජීවිතක්ෂයට
Local
06 June 2026
බොරැල්ලේ හොර කච්චේරියක් වටලයි: හොර සීල් තොගයක් මාට්ටු
Local
06 June 2026
බටගොඩ සෙනෙහසේ කැදැල්ලේ අබිරහස් මරණ රැසක්ම සිදුවෙලා: NSPD වෙත යැවූ වාර්තාවකින් හෙළිවේ
Local
06 June 2026
සේප්පුවේ යතුරත් අරන් පලාගිය වැලිකඩ පොලිස් සැරයන්ගේ වැඩ තහනම්
Local
06 June 2026
මැදපෙරදිග අර්බුදය නිසා ලාංකිකයින් ලක්ෂ 13ක් දැඩි ආහාර හිඟයකට මුහුණ දීමේ අවදානමක්
Local
06 June 2026