General06 June 2026

ප්‍රදේශ කිහිපයකට හෙට තද වැසි

බස්නාහිර, සබරගමුව පළාත් මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලට හෙට (07) මි.මී 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර මධ්‍යම, සබරගමුව, උතුර, උතුරු මැද මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලට ඇතැම් විට පැයට කිලෝමීටර (40-50) ක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes