General07 June 2026

තිදරු මවකට වන අලි ප්‍රහාරයක්

පොළොන්නරුව අල්ලගන්විල ඉහළ වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70 පමණ වන තිදරු මවකට අද (7) උදෑසන වන අලියෙකු පහරදීම නිසා බරපතල තත්ත්වයෙන් අරලගන්විල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

උදෑසන නිවස පිටුපසට වන අලියා පැමිණ සිට ඇති අතර එය නොදන එම ස්ථානයට ගිය මෙම කාන්තාවට වන අලියා පහර දී තිබෙන බවයි පවසන්නේ.

පහර කෑමෙන් බරපතළ ලෙස තුවාල සිදුවුණු කාන්තාව අරලගන්විල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes