General07 June 2026

පොහොර නැතුව ගොයම කහ වෙලා

පුලස්තිගම ප්‍රදේශයේ ගොවීන් වගාවන් සඳහා පොහොර නිසියාකාරයෙන් යොදා ගැනීමට නොහැකිවීමෙන් තම වගා භූමිවල ගොයම කහපටට පත් වී ඇති බවට ගොවින් චෝදනා කරනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසේ අභයපුර සහ පුලස්තිගම ප්‍රදේශයේ ගොවීන් මෙම ගැටලුවට මුහුණ පා ඇති බවයි පවසන්නේ.

රජයෙන් දෙනවා කිව්ව පොහොරවත් නෑ. ගොවියාට දෙන පොහොර සහනාධාරෙවත් නිසියාකාරයෙන් ලැබිලා නැති බවත් ගොවින් පෙන්වා දෙන අතර කඩිනමින් ඔවුන්ට අවශ්‍ය පොහොර ලබා ගැනීමට පහසුකම් සලසලා දෙන ලෙසයි ගම්වාසීන් ඉල්ලා සිටින්නේ.

වගාවට දින 17-30ත් අතර කාලයක් මේ වන විට ගතවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

රජයෙන් පහළොස්දහකට පෞද්ගලික අංශයෙන් පොහොර අරගෙන දහදාස් දෙසියට තමන්ට දෙනවැයි කිව්වට මෙතෙක් ඒ කිසිදු පොරොන්දුවක් ඉෂ්ට කර නොමැති බවයි ගොවින් පෙන්වා දෙන්නේ.
කඩිනමින් මේ ගැටලුව විසඳුවේ නැත්තම් ඔවුන්ගේ කුඹුරු විශාල වශයෙන් කහ පෑ ගැන්වී ඇති බවද ගොවීන් පවසන අතර මෙසේ අක්කර දෙසියකට ආසන්න ප්‍රමාණයක් තැන් තැන්වල කහ පැහැ ගැන්වී ඇති බවයි ගොවීන් සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes