General07 June 2026

දුම්වැටිවලට බිලියන 17.3ක බදු සහනයක්: වෙරිටේ රිසර්ච් ආයතනය කියයි

දුම්වැටි සඳහා රජය 2026 වසර තුළ රුපියල් බිලියන 17.3ක බදු සහනයක් ලබා දී ඇති බව වෙරිටේ රිසර්ස් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් පවසනවා.

එම ආයතනය පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන පරිදි දුම්වැටියක මිලෙන් 75%ක් බද්දක් විය යුතු බවයි.

එසේ වුවද, ශ්‍රී ලංකාවේ එම අනුපාතය 2018 වසර සිට 66.8% දක්වා පහළ ගොස් ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම 2021 සිට 2026 දක්වා කාලය තුළ වැට් බද්ද, සමාජ ආරක්ෂණ බද්ද සහ අනෙකුත් බදු වැඩි වූ අතර, දුම්වැටි මත බදු බර 7.6%කින් අඩු වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes