මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා පමණක් රජය විසින් 2026 වසර තුළ රුපියල් බිලියන 17.3ක සුවිශේෂී බදු සහනයක් (Tax break) ලබා දී ඇති බව වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනයේ විධායක අධ්යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් මහතා පෙන්වා දෙනවා.
වෙරිටේ රිසර්ච් ආයතනයේ දත්ත විශ්ලේෂණයන්ට අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයන්ට අනුකූලව වඩාත්ම අලෙවි වන සිගරට් සන්නාමයක් සඳහා සිල්ලර මිලෙන් අවම වශයෙන් 75%ක බදු ප්‍රතිශතයක් පැවතිය යුතු වුවද, ශ්‍රී ලංකා රජය එම ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වී තිබෙනවා.
ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ සිගරට් සඳහා වන බදු අනුපාතය 2018 වසරේ සිට 66.8% දක්වා පහළ ගොස් ඇති බවයි ආචාර්ය නිශාන් ද මෙල් මහතා සඳහන් කරන්නේ.
විශේෂයෙන්ම 2021 වසරේ සිට 2026 දක්වා කාලය තුළ මෙරට වැට් බද්ද (VAT), සමාජ ආරක්ෂණ බද්ද සහ අනෙකුත් සියලුම වක්‍ර බදු වර්ග දරුණු ලෙස වැඩි කර තිබුණද, එම කාලසීමාව තුළ දුම්වැටි මත පනවා තිබූ බදු බර 7.6%කින් පහත හෙළීමට කටයුතු කර තිබෙනවා.
මෙලෙස හානිකර සෞඛ්‍ය බලපෑම් එල්ල කරන දුම්කොළ කර්මාන්තයට සහනදායී බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් රජයට ලැබිය යුතු විශාල විභව බදු ආදායමක් අහිමි වී ඇති අතර, සාමාන්‍ය ජනතාව මත පමණක් දිගින් දිගටම බදු බර පැටවීම බරපතල ගැටලුකාරී තත්ත්වයක් බවයි එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Latest News
සලේගේ අන්තිම කැමති පත්‍රය සැකසීමට හමුවීමට අවස්ථාව ඉල්ලා නීතිඥවරයාගෙන් ශානිට ලිපියක් : කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහාත් ඉල්ලීමක්
Local
07 June 2026
සීනිගම දේවාලයේ කප් සිටුවීම පොසොන් පෝදා
Local
07 June 2026
මාලිමාව පරදවා අක්මීමන සමූපකාරයේ බලයත් ඒකාබද්ධ විපක්ෂයට
Local
07 June 2026
පොහොර මිලයි විදුලි බිලයි අඩුකරන්න : ගොවියෝ පන්දම් උද්ඝෝෂණයක
Local
07 June 2026
අමෙරිකාවේ සැණකෙළියක් ළඟ වෙඩි තැබීමක්: 12කට තුවාල
Local
07 June 2026
අන් සියලු භාණ්ඩ මත බදු බර පටවද්දී සිගරට් සඳහා පමණක් රජයෙන් බිලියන 17.3ක දැවැන්ත බදු සහනයක්: වෙරිටේ රිසර්ච් ආයතනය කරුණු හෙළි කරයි
Local
07 June 2026
පොහොර නැතුව ගොයම කහ වෙලා
Local
07 June 2026
මිලියන 36ක කේරළ ගංජා තොගයක් යාපනයේදී අත්අඩංගුවට
Local
07 June 2026
දකුණු කොරියාවට පළමුවරට කාන්තා අගමැතිනියක් නම් කෙරේ
Local
07 June 2026
"මගේ සැමියා රට වෙනුවෙන් දිවි දෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්, දැන් ඔහු වෙනුවෙන් නැඟී සිටින්න" - සලේගේ බිරිඳගෙන් ඉල්ලීමක්
Local
07 June 2026