General07 June 2026

'ශාසන ශෝධන' වැඩපිළිවෙළක් ඉල්ලා චන්ද්‍රිකා මහ නාහිමිවරුන් බැහැදකී

පැන නැගී ඇති ශාසනික අර්බුද හමුවේ බුදු දහමේ චිරස්ථිතිය උදෙසා වහාම ක්‍රියාත්මක වන පරිදි ‘ශාසන ශෝධන’ වැඩපිළිවෙලක් සහ ධර්ම සංගායනාවක් කැඳවන ලෙස ඉල්ලා පසුගිය දිනෙක ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා වෙත විශේෂ ලිපියක් යොමු කළ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක අද (07) මල්වතු අස්ගිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සහ අනුනායක හිමිවරු බැහැදැක තිබෙනවා.

පසුගිය දිනවල ශාසනයට එල්ලවූ ප්‍රහාරත් ඒවා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබෙන අතර එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යයට අවස්ථාව ලබාදී නැහැ.

හිටපු ජනපතිනිය මහනාහිවරුන්ට යොමු කළ ලිපියේ මෙසේ සඳහන්ව තිබූ අතර එහි අන්තර්ගතය සම්බන්ධයෙන් ද ඇය මහනාහිමිවරුන්ට කරුණු දක්වා තිබෙනවා..

බුද්ධ ශාසනය ඉතිහාසයේ බරපතලම අභියෝගවලට මුහුණ දී සිටින බවත්, හුදකලා සිදුවීම්වලට වඩා පුළුල් 'ශාසන ශෝධන' වැඩපිළිවෙලක් සහ ධර්ම සංගායනාවක් හරහා ස්ථිර විසඳුම් සෙවිය යුතු බවත් එම ලිපියේ සඳහන් වුණා.

මීට පෙර 1956 සහ ඇගේ පාලන සමයේ මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන්ගේ මැදිහත්වීමෙන් දියත් වූ මෙවැනි උත්සාහයන්, වරප්‍රසාදිත පාර්ශ්වයන්ගේ විරෝධය මත අසාර්ථක වූ බවද ඇය සිහිපත් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes