International07 June 2026

ඉන්දීය ආර්ථිකයේ 7.8%ක අනපේක්ෂිත වර්ධනයක්

මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වයේ මූලික බලපෑම් පසෙකලා, ඉන්දීය ආර්ථිකය ජනවාරි - මාර්තු කාර්තුව තුළ වසරින් වසර 7.8%ක අනපේක්ෂිත ඉහළ වර්ධනයක් වාර්තා කර ඇති බව ඉන්දීය රජය ප්‍රකාශ කරනවා.

පෞද්ගලික අංශයේ ශක්තිමත් ආයෝජන, කෘෂිකාර්මික නිෂ්පාදන ධාරිතාව සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන පිබිදීම මෙම ස්ථාවර වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.

නවීකරණය කරන ලද පදනම් වර්ෂයක් (Base Year) සහ වඩාත් පුළුල් පරාසයක් ආවරණය වන පරිදි යාවත්කාලීන කරන ලද දත්ත මාලාවක දෙවැනි වාර්තාව ලෙසයි මෙය නිකුත් කර ඇත්තේ.

ආර්ථික විද්‍යාඥයින් මීට පෙර පුරෝකථනය කර තිබූ 7.2%ක වර්ධන සීමාව ද අභිබවා යාමට ඉන්දියාව මෙහිදී සමත්වීම විශේෂත්වයක්.
Related recommendation
Hiru TV News | Programmes