General08 June 2026

ඉරානයේ මිසයිල ප්‍රහාරවලට පළි නොගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඊශ්‍රායල අගමැතිගෙන් ඉල්ලයි

ඉරානය විසින් ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන ලද නවතම බැලස්ටික් මිසයිල ප්‍රහාර සඳහා නැවත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලා සිටිනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, මම නෙතන්යාහුට කතා කරලා කියනවා ප්‍රතිප්‍රහාර එල්ල කරන්න එපා කියලා. දෙගොල්ලන්ම තමන්ට අවශ්‍ය දේ කරගත්තා ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කළා, ඉරානයත් ප්‍රහාරයක් එල්ල කළා. දැන් අපිට තවත් එකක් අවශ්‍ය නැහැ," යනුවෙන්.

අමෙරිකාව සහ ඉරානය අතර අවසන් සාම ගිවිසුමකට ඉතා ආසන්න බැවින්, ඊශ්‍රායලයේ මැදිහත්වීමෙන් එය කඩාකප්පල් නොකරන ලෙසත්, මෙහිදී තමන් තීන්දු තීරණ ගන්නා බැවින් ඊශ්‍රායලයට වෙනත් විකල්පයක් නොමැති බවත් ට්‍රම්ප් අවධාරණය කර සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes