International08 June 2026

ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ටෙහෙරානයේ ඉමාම් හෝමේනි ගුවන් තොටුපළේ මෙහෙයුම් අත්හිටුවයි

ඉරානය විසින් ඊශ්‍රායලයේ හමුදා ඉලක්ක වෙත ප්‍රබල බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසු, අගනුවර පිහිටිඉමාම් හෝමේනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාන සිවිල් ගුවන් සේවා අධිකාරිය උපුටා දක්වමින් එරට 'මෙහිර්' (Mehr) සහ 'ඉර්නා' (IRNA) පුවත් ඒජන්සි සඳහන් කළේ, ගුවන් සීමාවේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස ගුවන් තොටුපළ වෙත පැමිණෙන සියලුම සිවිල් ගුවන් ගමන් මෙලෙස තාවකාලිකව නවතා දැමූ බවයි.

මීට අමතරව ඉරානය විසින් තම බටහිර ගුවන් සීමාව ද වසා දමා තිබෙනවා.

මැදපෙරදිග පවතින දැඩි යුදමය වාතාවරණය හේතුවෙන් සති කිහිපයක් වසා දමා තිබූ ඉමාම් ඛොමේනි ගුවන් තොටුපළ, පසුගිය අප්‍රේල් මාසයේදී පමණක් සීමිත ගුවන් ගමන් සඳහා නැවත විවෘත කර තිබුණා.

කෙසේ වෙතත්, ලෙබනනයේ බේරූට් නුවරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ඉරානය ඊශ්‍රායලයේ 'රමාත් ඩේවිඩ්' (Ramat David) ගුවන් හමුදා කඳවුර දෙසට මිසයිල ප්‍රහාර දියත් කිරීමත් සමඟ කලාපයේ ආරක්ෂාව දැඩි ලෙස අනතුරේ වැටී තිබෙනවා. .

මෙම තත්ත්වය හමුවේ ඉරානයට අමතරව ඉරාකය ද තම ගුවන් සීමාව පැය 72කට වසා දැමීමට පියවර ගෙන ඇති අතර, සිරියාව ද දකුණු දිග ගුවන් සීමාවේ මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes