මැදගම පොලිස් වසමට අයත් කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු ඊයේ (07) දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මැදගම පොලිසිය පවසනවා.
මෙසේ දියේ ගිලී මියගොස් ඇත්තේ රත්තනදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි තරුණයෙක්.
පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මරණකරු සිය මව සහ තවත් ඥාතීන් කිහිප දෙනෙකු ද සමඟ කුඹුක්කන් ඔයේ දිය නාමින් සිට ඇති බවයි.
එහිදී ඔහු අනපේක්ෂිත ලෙස දියේ ගිලී ඇති අතර, අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් ඔහු ගොඩට ගෙන මැදගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා. එහෙත් රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
දැනට මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මැදගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මැදගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Latest News
වාර්තාපොත් අලුත් කළ තරුෂිගේ ඓතිහාසික රන් ජයග්‍රහණය
Local
08 June 2026
ඊශ්‍රායලයට එරෙහි මිලිටරි ක්‍රියාමාර්ග ඉරානය තාවකාලිකව නවතයි
Local
08 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට තද සුළං: කාලගුණෙන් රතු නිවේදනයක්
Local
08 June 2026
සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිකළ සත්යග්රහ අට්ටාලය පොලිසිය ඉවත් කරයි
Local
08 June 2026
යළි දැනුම්දෙන තුරු ඉරානයට යන්න එපා - ඉන්දීය වැසියන්ට තානාපති කාර්යාලයෙන් හදිසි දැනුම්දීමක්
Local
08 June 2026
"සුරේෂ් සලේ උසාවියේදීම නඩුව සමථයකට පත් කරගමු කිව්වා'' - සිරිල් ගාමිණි පියතුමා
Local
08 June 2026
වාහන අංක තහඩු මුද්‍රණය අද සිට යළි ඇරඹේ
Local
08 June 2026
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයට තවත් 237 ක්: සම්මුඛ පරීක්ෂණ ජූනි 20 සහ 21 දා
Local
08 June 2026
දූෂණ චෝදනාවලට වැරදිකරු වූ ටිබෙටයේ හිටපු රාජ්‍ය නායකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
Local
08 June 2026
කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී මරුට
Local
08 June 2026