ශ්‍රී ලංකාව ජත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ඉහළින්ම ඔසවා තැබූ ගම්පොළින් බිහිවූ අති දක්ෂ මලල ක්‍රීඩිකා තරුෂි අභිෂේකා, චීනයේ හොංකොං හි පැවැති 22 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 1500 ඉසව්වේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ ලැබූ ප්‍රථම රන් පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර දී තිබෙනවා.
SCOT Campus ආයතනයේ අඛණ්ඩ අනුග්‍රහය සහ පුහුණුකරු බුද්ධික නුවන් මහතාගේ මඟපෙන්වීම ඔස්සේ ඇය මෙම විශිෂ්ට ජයග්‍රහණය අත්කරගෙන තිබෙනවා.
දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රදේශයෙන් මලල ක්‍රීඩාවට පිවිසි තරුෂි අභිෂේකා සතු සුවිශේෂී දක්ෂතාවන් ගම්පොල වික්‍රමබාහු ජාතික පාසල තව තවත් ඔපමට්ටම් කරමින් ජාතික මට්ටම දක්වා පැමිණීමේ මග විවර කළා, අනතුරුව SCOT Campus ආයතනය, ඇයගේ ක්‍රීඩා සිහිනය සැබෑ කිරීම සඳහා 2024 වසරේ සිට ඇයට පූර්ණ අනුග්‍රහය දැක්වීම ආරම්භ කළා.
එම අනුග්‍රහය ලබන විට ඇය කිසිදු ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වී නොසිටියද, ඇය සතු නොසැලෙන කැපවීම සහ උනන්දුව හේතුවෙන් ඉතා කෙටි කලකින් ජාත්‍යන්තර පිටියේ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් මෙරටට දිනා දීමට ඇය සමත් වුණා.
ඒ අනුව 2024 වසරේ ඩුබායි හි පැවැති ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 බාලිකා අවසන් මහා තරගයෙන් ඇය 4 වන ස්ථානය හිමිකර ගත්තා.
ඉන් නොනැවතුණු තරුෂි, 2025 වසරේ සෞදි අරාබියේ පැවැති 6 වැනි ආසියානු වයස අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 800 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් මෙරටට රන් පදක්කමක් උරුම කර දුන්නේ එම ඉසව්වේ ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රථම රන් පදක්කම ලෙස වාර්තාපොත් අතරට එක්වෙමින්.
ඇයගේ උපරිම දක්ෂතාව සනිටුහන් කරමින්, මෙවර හොංකොං හි පැවැති 22 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා මීටර් 1,500 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණේ මුළු මහත් ශ්‍රී ලංකාවටම ඉමහත් කීර්තියක් අත්කර දෙමින්.
ඇයගේ මෙම ජාත්‍යන්තර ජයග්‍රහණ පිටුපස ඇයගේ දැඩි කැපවීම මෙන්ම, ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු බුද්ධික නුවන් මහතාගේ නිවැරදි මඟපෙන්වීම සහ SCOT Campus ආයතනය විසින් ලබාදුන් අඛණ්ඩ අනුග්‍රහය හා ශක්තිය ප්‍රධානතම සාධක ලෙස හැඳින්විය හැකියි.
නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඔලිම්පික් සිහින සැබෑ කරලීම සඳහා ඔවුන් සමග අත්වැල් බැඳගන්නා පුරෝගාමී සහකරු වන්නේ SCOT කැම්පස් ආයතනයයි.
ලක් මව රන් පදක්කමකින් බැබළවූ තරුෂි අභිෂේකා ක්‍රීඩිකාවට ඉදිරි අනාගතයේදීත් ජාත්‍යන්තර පිටියේ තව තවත් ශ්‍රී ලංකා නාමය ඉදිරියටම රැගෙන යාමට ශක්තිය, ධෛර්‍යය ලැබෙන්නැයි SCOT Campus අපගේ හදපිරි සුබපැතුම්.

Latest News
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 වැනිදා: උසස් පෙළ අගෝස්තු 10 වැනිදා ඇරඹේ
Local
08 June 2026
ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම නවතයි
Local
08 June 2026
සංඝ කතිකාවතක් ගේන්න 2006 ඉඳන්ම මා උත්සාහ කළත් කිසිම ආණ්ඩුවකින් සහාය ලැබුණේ නෑ : මල්වතු මහ නාහිමි
Local
08 June 2026
වාර්තාපොත් අලුත් කළ තරුෂිගේ ඓතිහාසික රන් ජයග්‍රහණය
Local
08 June 2026
ඊශ්‍රායලයට එරෙහි මිලිටරි ක්‍රියාමාර්ග ඉරානය තාවකාලිකව නවතයි
Local
08 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට තද සුළං: කාලගුණෙන් රතු නිවේදනයක්
Local
08 June 2026
සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිකළ සත්යග්රහ අට්ටාලය පොලිසිය ඉවත් කරයි
Local
08 June 2026
යළි දැනුම්දෙන තුරු ඉරානයට යන්න එපා - ඉන්දීය වැසියන්ට තානාපති කාර්යාලයෙන් හදිසි දැනුම්දීමක්
Local
08 June 2026
"සුරේෂ් සලේ උසාවියේදීම නඩුව සමථයකට පත් කරගමු කිව්වා'' - සිරිල් ගාමිණි පියතුමා
Local
08 June 2026
වාහන අංක තහඩු මුද්‍රණය අද සිට යළි ඇරඹේ
Local
08 June 2026