General08 June 2026

හොරණ බැංකු කොල්ලයේ නඩු භාණ්ඩ අධිකරණයට; මුදල් පරිපාලන වාර්තාවක් කැඳවයි

හොරණ රාජ්‍ය බැංකුවක සිදුවූ රුපියල් කෝටි 3.5ක කොල්ලය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව එම බැංකුවේ මුදල් පරිපාලන කටයුතු සිදුවන ආකාරය පිළිබඳ වාර්තාවක් පොලිසියට ලබා දෙන ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගම අද (08) එම බැංකුවේ කළමණාකරුට නියෝග කළා.

මෙම බැංකු කොල්ලය පිළිබඳ සිදුකරන විමර්ශනයට අදාළව විධිමත් මුල්‍ය ක්‍රියා පටිපාටියක් අවශ්‍යව ඇති බවට පොලිසිය විසින් සිදු කරන ලද ඉල්ලීමට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණා.

මෙහිදී සැකකරු විසින් බැංකුවේ යකඩ රාක්කයක් හා බිත්තිය අතර සඟවා තිබී සොයාගත් රුපියල් දාහත් ලක්ෂ හතළිස් හත්දාහක මුදල සහ බෑගය නඩු භාණ්ඩ ලෙස අධිකරණයට භාර දීමද සිදුකෙරුණා.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දොළමුල්ල සහ උප ‍පොලිස් පරීක්ෂක ජූඩ් යන නිලධාරීන් විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
Related recommendation
Hiru TV News | Programmes