General09 June 2026

සංවිධානාත්මක අපරාධ කල්ලියක 10ක් අත්අඩංගුවට

ජීව අත්බෝම්බයක්, අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමග සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (09) අළුයම ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගල්කිස්ස, දෙහිවල හා අඟුලාන ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ අපරාධ මෙහෙයුමක් සිදු කර තිබුණා.

එහිදී, දැනට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ අනුගාමිකයින් 08 දෙනෙකු ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු ජීව අත්බෝම්බයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35ක් සහ කඩු 05ක් සමග අත්අඩංගුවට ගත්තා.

සැකකරුවන් අවුරුදු 20ත් 56ත් අතර වයස්වල පසුවන අඟුලාන, මොරටුව හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම සැකකරුවන් දෙහිවල ප්‍රදේශයේ සිදුවූ තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කිරීමේ අපරාධ ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes