ශ්‍රී ලංකා ජනරජය මේ වසරේදී ඩොලර් බිලියන 8.094ක මුදලක් ණය සහ පොලී වශයෙන් ගෙවා ඇති බවට සංසරණය වන පුවත හුදෙක් ජනතාව නොමඟ යවන 'ඉලක්කම් විජ්ජාවක්' පමණක් වන අතර, එමඟින් රට වැටී ඇති දැවැන්ත ණය කන්දරාවෙන් කිසිදු නිදහස් වීමක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම සංවිධානය පෙන්වා දෙන්නේ, සැබෑ තත්ත්වය නම් මේ වසරේ පළමු මාස 3ක කාලය තුළ පමණක් මෙරට විදේශ ණය ඇමරිකානු ඩොලර් මිලියන 788කින් සහ දේශීය ණය රුපියල් බිලියන 490කින් බරපතල ලෙස ඉහළ ගොස් ඇති බවයි.
රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිල වාර්තාවලට අනුව රජය විසින් මූලික ණය (Principal Amount) වශයෙන් ඩොලර් බිලියන 5.98ක් සහ පොලී වශයෙන් ඩොලර් බිලියන 2.11ක් ලෙස සමස්තය ඩොලර් බිලියන 8.094ක් ගෙවා ඇති බව කරුණුමය වශයෙන් සත්‍ය වුවද, මෙම මුදල් ගෙවා ඇත්තේ ඩොලර්වලින් නොව දේශීය රුපියල්වලිනි. එමෙන්ම එසේ ගෙවන ලද රුපියල් මුදලට ආසන්න වටිනාකමක් නැවතත් භාණ්ඩාගාර බිල්පත් සහ සුරැකුම්පත් නිකුත් කරමින් දේශීය ණය (Rollover) වශයෙන් ලබාගෙන ඇති බැවින් රටේ සමස්ත ණය බරෙහි කිසිදු අඩුවීමක් සිදුව නොමැත.
විදේශ ණය පියවීම සහ තවදුරටත් ණය වීම:
ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතාවලට අනුව 2026 පළමු කාර්තුව තුළ රජය විසින් ඩොලර් වලින් ගෙවා ඇත්තේ බහුපාර්ශවීය ආයතන වෙත ඩොලර් මිලියන 234ක්, ද්විපාර්ශවීය ණය හිමියන්ට ඩොලර් මිලියන 207ක් සහ පුද්ගලික ණය හිමියන්ට ඩොලර් මිලියන 89ක් ලෙස සමස්තය ඩොලර් මිලියන 530ක් පමණි. මේ හැර වෙනත් කිසිදු විදේශ ණය ගෙවීමක් ඩොලර්වලින් සිදුව නැත. 2026 වසර තුළ ලංකාව ඩොලර් බිලියන 2.7ක් ගෙවිය යුතු අතර, ජූනි මාසය දක්වා ඩොලර් බිලියන 1.3ක් ගෙවා නිම කර ඇති බැවින් ඉදිරි මාස 6 තුළ තවත් ඩොලර් බිලියන 1.4ක් ගෙවීමට ඉතිරිව ඇත.
පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබුණු ඩොලර් මිලියන 695ක මුදල සහ ඉදිරියේදී ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙතින් ඩොලර් මිලියන 450ක්, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් මෙන්ම ව්‍යාපෘති ණය ලෙස ලැබීමට නියමිත ඩොලර් මිලියන 100ක මුදල්, මේ වසරේ ගෙවීමට ඇති විදේශ ණය වාරික සඳහා වැය කළ පසු රටට වෙනත් කිසිදු ඉතිරියක් ඉතිරි නොවන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
දේශීය ණය කන්ද සහ සැබෑ සංඛ්‍යාලේඛන:
2026 පළමු කාර්තුව තුළ රජය විසින් රුපියල් බිලියන 1,210ක (ඇ.ඩො.බි. 3.84) භාණ්ඩාගාර බිල්පත් සහ රුපියල් බිලියන 720ක (ඇ.ඩො.බි. 2.30) භාණ්ඩාගාර බැඳුම්කර වශයෙන් සමස්තය රුපියල් බිලියන 1,930ක (ඇ.ඩො.බි. 6.04) නව දේශීය ණය ලබාගෙන ඇත. මීට අමතරව විදේශයන්ගෙන් ද ඩොලර් මිලියන 1,500කට ආසන්න නව ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බව ආණ්ඩුව මහජනතාවගෙන් වසන් කරන බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය චෝදනා කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව මත සන්නිවේදන පහසුව සඳහා දේශීය රුපියල් ණය ද ඩොලර් අගයන්ගෙන් ලේඛනගත කිරීම සිදුවන නමුත්, එය රුපියල් ණය ඩොලර්වලින් පියවීමක් නොවන බව අවධාරණය කරන එම සංවිධානය, වඩාත් නිවැරදි ක්‍රමවේදය වන රුපියල් ණය රුපියල්වලින් සහ ඩොලර් ණය ඩොලර්වලින් ගණනය කිරීමේදී රටේ සැබෑ ණය තත්ත්වය මෙසේ දක්වයි:
දේශීය ණය ශේෂය: 2024 අවසානයේ පැවති රුපියල් බිලියන 18,883 ක මුදල, 2026 මාර්තු 31 වන විට රුපියල් බිලියන 19,383 දක්වා රුපියල් බිලියන 490කින් ඉහළ ගොස් ඇත.
විදේශ ණය ශේෂය: 2024 අවසානයේ පැවති ඩොලර් මිලියන 36,680 ක මුදල, 2026 මාර්තු 31 වන විට ඩොලර් මිලියන 37,468 දක්වා ඩොලර් මිලියන 788කින් ඉහළ ගොස් ඇත.
ඒ අනුව, ඩොලර් බිලියන 8ක් ණය පියවූ බව පවසන කතාව සම්පූර්ණ අසත්‍යයක් බවත්, දේශීය සහ විදේශීය ණය දෙවර්ගයම මේ වන විට සීඝ්රයෙන් වැඩිවෙමින් පවතින බැවින් පටු දේශපාලන ප්‍රචාරණවලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පොදු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Latest News
අමෙරිකා - ඉරාන සාම ගිවිසුම ඉදිරි පැය 24 තුළ අවසන් අදියරට - පාකිස්ථාන අගමැතිගෙන් හෙළිදරව්වක්
Local
13 June 2026
රුපියල බාල්දු වුණාට ගෙවන්න තියෙන ඩොලර් ණය වැඩි වෙන්නෙ නෑ - නියෝජ්‍ය මුදල් ඇමති
Local
13 June 2026
ස්විට්සර්ලන්ත ජනගහනය සීමා කිරීමේ යෝජනාවට ජනමත විචාරණයක්
Local
13 June 2026
රාජ්‍ය සේවකයින්ට ගෞරවයෙන් වැඩ කරන්න අවශ්‍ය පරිසරය අපි හැදුවා - ඇමති උපාලි
Local
13 June 2026
ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට
Local
13 June 2026
"අපේ කොටි ඩයස්පෝරාව සල්ලි දුන්නේ සලේව අල්ලන්න නෙවෙයි.. මුන්ට ඊ#ම තියා අපිට සරමක්වත් දෙන්න බෑ": මන්ත්‍රී අර්චුනා
Local
13 June 2026
කෙනඩි ප්රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම ඇරඹේ
Local
13 June 2026
මේ වසරේ ඩෙංගු මරණ 23ක්
Local
13 June 2026
දේශපාලනඥයින් පොරොන්දු ඉටුකර නැතැයි මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති
Local
13 June 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ පාකිස්ථානයෙන් නව අයවැයක්: බදු සහ ආරක්ෂක වියදම් ඉහළට
Local
13 June 2026