ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කර රජයට පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයකු වන සරත් වීරවංශගේ විදේශ ගමන් තහනම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (10) නියෝගයක් නිකුත් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ ඒකකය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මෙම සිද්ධියට අදාළව මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ ඒකකය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාල වාහන අවභාවිතය සම්බන්ධයෙන් සරත් වීරවංශ සැකකරුවෙකු ලෙස නම් කරන බවයි.
එහිදී මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරීන් අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම සැකකරු නම් කිරීමට පියවර ගත් බවයි.
ඒ අනුව, සැකකරු විදේශගත වීම වළක්වාලීම සඳහා ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය නිකුත් කළා.
එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත වහාම දැනුම් දෙන ලෙසද අධිකරණ රෙජිස්ට්රාර්වරයාට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
Latest News
දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 06 දෙනෙකු ජීවිතක්ෂයට
Local
11 June 2026
ලුණුගම්වෙහෙරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි: 15කට ආසන්න පිරිසක් රෝහලට
Local
11 June 2026
පෙන්ටගනයේ හදිසි තත්වයක් : මහල් කිහිපයක් වසා දමා මිනිසුන් ඉවත් කරයි
Local
11 June 2026
‘සෙනෙහසේ කැදැල්ල’ ගින්නෙන් මියගිය 09කගේ සිරුරු භාර ගැනීමට තවමත් කවුරුත් නෑ: අධිකරණයේදී හෙළිවෙයි
Local
11 June 2026
හොරණ රාජ්‍ය බැංකු කොල්ලයට අනුබල දුන් ආරක්ෂක නිලධාරියා යළිත් රිමාන්ඩ්
Local
11 June 2026
ලක්ෂයක අල්ලසක් ගත්තැයි රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයෙක් අල්ලස් දැලට
Local
11 June 2026
තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන නිමාවෙයි: පරිශ්‍ර 97,871ක් පරීක්ෂාවට!
Local
11 June 2026
"රෑට පන්තියක් දාන්න.. අපි එන්නම් ඉගෙන ගන්න" මාලිමා මන්ත්‍රී නිපුණ ආරච්චි විපක්ෂයට කියයි
Local
11 June 2026
''අද රාත්‍රියේ ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන අතර නුදුරේදීම ඔවුන්ගේ තෙල් සහ ගෑස් වෙළඳපොල සම්පූර්ණ පාලනය භාර ගන්නවා'' - ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
11 June 2026
චීන අපනයන ඉහළ යාම මැද චීන-යුරෝපා සංගම් සබඳතා පළුදු වෙයි - වැදගත් සාකච්ඡා දෙකක් චීනයෙන් හදිසියේම අවලංගු කෙරේ
Local
11 June 2026