හොරණ ප්රදේශයේ රාජ්ය බැංකුවකින් මුදල් පැහැරගෙන යාමේ සිද්ධියකට අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටි එම බැංකුවේ ආරක්ෂක නිලධාරියා ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හොරණ ප්රධාන මහේස්ත්රාත් ලක්මිණි විදානගමගේ අද (11) නියෝග කළා.
මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බුලත්සිංහල ප්රදේශයේ පදිංචි 43 හැවිරිදි ගයාන් සුදර්ශන නමැති, අදාල රාජ්ය බැංකුවේම ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක්.
ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.
මෙම බැංකු කොල්ලය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්රගතිය අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් ප්රකාශ කළේ, සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන සිටින පළමු සැකකරු විසින් මෙම කොල්ලය සිදුවීමට පෙර අවස්ථා දෙකකදී විදේශීය මත්පැන් බෝතල් දෙකක් මෙම දෙවන සැකකරු (ආරක්ෂක නිලධාරියා) වෙත ලබා දී ඇති බවයි.
එමෙන්ම මෙම සැකකරුවන් දෙදෙනා නිතර එකිනෙකා සමඟ කතා බහ කරමින් සිට ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා.
කෙසේ වෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයාට එරෙහිව මෙතෙක් ප්රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති බවයි.
එම නිසා සාක්ෂි සම්පිණ්ඩනයක් සිදුකර ඔහුව නඩුවෙන් මුදාහැරීමට කටයුතු කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරිය සැකකරු ලබන 23 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
බස්නාහිර පළාත් උතුර බුද්ධි අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Latest News
පෙන්ටගනයේ හදිසි තත්වයක් : මහල් කිහිපයක් වසා දමා මිනිසුන් ඉවත් කරයි
Local
11 June 2026
‘සෙනෙහසේ කැදැල්ල’ ගින්නෙන් මියගිය 09කගේ සිරුරු භාර ගැනීමට තවමත් කවුරුත් නෑ: අධිකරණයේදී හෙළිවෙයි
Local
11 June 2026
හොරණ රාජ්ය බැංකු කොල්ලයට අනුබල දුන් ආරක්ෂක නිලධාරියා යළිත් රිමාන්ඩ්
Local
11 June 2026
ලක්ෂයක අල්ලසක් ගත්තැයි රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයෙක් අල්ලස් දැලට
Local
11 June 2026
තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන නිමාවෙයි: පරිශ්ර 97,871ක් පරීක්ෂාවට!
Local
11 June 2026
"රෑට පන්තියක් දාන්න.. අපි එන්නම් ඉගෙන ගන්න" මාලිමා මන්ත්රී නිපුණ ආරච්චි විපක්ෂයට කියයි
Local
11 June 2026
''අද රාත්රියේ ඉරානයට දැඩි ප්රහාර එල්ල කරන අතර නුදුරේදීම ඔවුන්ගේ තෙල් සහ ගෑස් වෙළඳපොල සම්පූර්ණ පාලනය භාර ගන්නවා'' - ඩොනල්ඩ් ට්රම්ප්
Local
11 June 2026
චීන අපනයන ඉහළ යාම මැද චීන-යුරෝපා සංගම් සබඳතා පළුදු වෙයි - වැදගත් සාකච්ඡා දෙකක් චීනයෙන් හදිසියේම අවලංගු කෙරේ
Local
11 June 2026
මාස 2ක් ඊශ්රායල් ශ්රමිකයින් එවූ මුදල් අතුරුදන් තවත් හැකර් ප්රහාරයක් ගැන ඩී.වී. චානක හෙළිකරයි
Local
11 June 2026
නැගෙනහිරදී කොටි ත්රස්තයන් ඝාතනය කළ පොලිස් නිලධාරීන් සිහිපත් කෙරේ
Local
11 June 2026