තමන්ගේ ජීවිත අවදානම පවා නොතකා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ ප්‍රේෂණ විශාල ප්‍රමාණයක්, 'ග්ලෝබල් රෙමිට්' (Global Remit) නමැති මුදල් හුවමාරු ආයතනයකට එල්ල වූ හැකර් ප්‍රහාරයක් හේතුවෙන් මාස දෙකක සිට අතුරුදන්ව ඇති බවට තොරතුරු අනාවරණය වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පවසනවා.
මන්ත්‍රීවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද (11) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.
එහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ අප්‍රේල් සහ මැයි මාසවල එවූ විදේශ ප්‍රේෂණ මෙසේ අතුරුදන්ව ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
''තවත් හැකර් ප්‍රහාරයක් ගැන අපිට තොරතුරු ලැබිලා තියෙනවා. අද තමන්ගේ ජීවිත අවදානම ගැන නොහිතා ඊශ්‍රායලයේ ගිහින් වැඩ කරන ලංකාවේ ළමයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. වැඩිම ප්‍රේෂණ ප්‍රමාණයක් එවන රට තමයි ඊශ්‍රායලය. සාමාන්‍යයෙන් එක ළමයෙක් මාසෙකට ඩොලර් 3000ක් විතර එවනවා. හැබැයි අප්‍රේල් මාසේ ඉඳන් මේ එවන ඩොලර් ටික එක ආයතනයක හිරවෙලා තියෙනවා, හැකර් කෙනෙක් ගහලා. මෙන්න මේ ආයතනය තමයි 'ග්ලෝබල් රෙමිට්' (Global Remit) කියන්නේ.
කවුද මේ ග්ලෝබල් රෙමිට් හරහා මුදල් එවන්න කියන්නේ? ලංකාවේ ප්‍රධානම රාජ්‍ය බැංකුවක් තමයි කියන්නේ මේ ආයතනය හරහා ඊශ්‍රායලයේ ඉන්න ළමයින්ට සල්ලි එවන්න කියලා. තවත් පෞද්ගලික බැංකුවකුත් ඒක කියනවා. මේ බැංකුවෙන් ගහපු ලීෆ්ලට් (leaflets) වල තියෙනවා 'ග්ලෝබල් රෙමිට් හරහා වැටුප් යොමු කරලා ලක්ෂ 25ක ලෝන් (loan) එකක් ගන්න' කියලා. දැන් අප්‍රේල් සහ මැයි මාසවල මේ ළමයි එවපු සල්ලිවලට වෙච්ච දෙයක් නැහැ, ඒක බ්ලොක් වෙලා. මේ ගැන බැංකුවට ගිහින් ඇහුවම කියනවා එම්බසියට (තානාපති කාර්යාලයට) යන්න කියලා, එම්බසියෙන් කියනවා බැංකුවට යන්න කියලා. සල්ලි ටික මාස දෙකක් තිස්සේ අතුරුදන්. ආණ්ඩුවේ හැකර් ගැහුවද, මාලිමාවේ හැකර් ගැහුවද, බැංකුවේ හැකර් ගැහුවද දන්නේ නැහැ, හැබැයි මුදල්වලට වෙච්ච දෙයක් නැහැ.''

Latest News
හොරණ රාජ්‍ය බැංකු කොල්ලයට අනුබල දුන් ආරක්ෂක නිලධාරියා යළිත් රිමාන්ඩ්
Local
11 June 2026
ලක්ෂයක අල්ලසක් ගත්තැයි රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයෙක් අල්ලස් දැලට
Local
11 June 2026
තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන නිමාවෙයි: පරිශ්‍ර 97,871ක් පරීක්ෂාවට!
Local
11 June 2026
"රෑට පන්තියක් දාන්න.. අපි එන්නම් ඉගෙන ගන්න" මාලිමා මන්ත්‍රී නිපුණ ආරච්චි විපක්ෂයට කියයි
Local
11 June 2026
''අද රාත්‍රියේ ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන අතර නුදුරේදීම ඔවුන්ගේ තෙල් සහ ගෑස් වෙළඳපොල සම්පූර්ණ පාලනය භාර ගන්නවා'' - ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
11 June 2026
චීන අපනයන ඉහළ යාම මැද චීන-යුරෝපා සංගම් සබඳතා පළුදු වෙයි - වැදගත් සාකච්ඡා දෙකක් චීනයෙන් හදිසියේම අවලංගු කෙරේ
Local
11 June 2026
මාස 2ක් ඊශ්‍රායල් ශ්‍රමිකයින් එවූ මුදල් අතුරුදන් තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී. චානක හෙළිකරයි
Local
11 June 2026
නැගෙනහිරදී කොටි ත්රස්තයන් ඝාතනය කළ පොලිස් නිලධාරීන් සිහිපත් කෙරේ
Local
11 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයාට ඇප
Local
11 June 2026
ළමා රෝහලේ වකුගඩු සැත්කම් සිද්ධිය: නීතිපති උපදෙස්වලට
Local
11 June 2026