General11 June 2026

''අද රාත්‍රියේ ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන අතර නුදුරේදීම ඔවුන්ගේ තෙල් සහ ගෑස් වෙළඳපොල සම්පූර්ණ පාලනය භාර ගන්නවා'' - ඩොනල්ඩ් ට්‍රම්ප්

අමෙරිකා එක්සත් ජනපදය අද රාත්‍රියේ ඉරානයට එරෙහිව ඉතා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා

ඉරානයේ නාවික, ගුවන් සහ ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළු ආරක්ෂක ව්‍යුහයන් මේ වන විටත් විනාශ කර ඇති බව පවසන ට්‍රම්ප්, නුදුරු අනාගතයේ දීම ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන කාර්ග් දූපත (Kharg Island) ඇතුළු අනෙකුත් තෙල් යටිතල පහසුකම් ස්ථාන තමන් සතු කරගන්නා බවට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes