General11 June 2026

ලුණුගම්වෙහෙරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි: 15කට ආසන්න පිරිසක් රෝහලට

ලුණුගම්වෙහෙර පොලිස් බල ප්‍රදේශයට අයත් උනාතුවැව, 170 කණුව ආසන්නයේදී ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් 15 දෙනෙකු පමණ මේ වන විට රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට අම්පාර බලා ධාවනය වූ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථයක් සහ බදුල්ලේ සිට මාතර බලා ධාවනය වූ බස් රථයක්.

අප වාර්තාකරු පැවසුවේ අනතුරින් තුවාල ලැබූවන් කඩිනමින් ලුණුගම්වෙහෙර සහ හම්බන්තොට යන රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes