International11 June 2026

දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 06 දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු ලෙබනනයේ ටියරේ දිස්ත්‍රික්කයට ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරන ලද මාරාන්තික ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් හය දෙනෙකු (06) ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනන ජාතික පුවත් ඒජන්සිය (NNA) වාර්තා කරනවා.

ලෙබනන මාධ්‍ය වාර්තාවලට අනුව, අල්-අබ්බාසියා (al-Aabbassiyah) නගරයට එල්ල වූ එක් ප්‍රහාරයකින් පුද්ගලයන් සිව් දෙනෙකු (04) ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඩෙයිර් කනූන් අන්-නහර් (Deir Qanoun an-Naher) ප්‍රදේශයට එල්ල වූ අනෙක් ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු (02) මියගොස් ඇති බවත් සඳහන්.

මීට අමතරව, ඊශ්‍රායල බලඇණි විසින් වාඩි ජිලෝ (Wadi Jilou) ගම්මානය අසල ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් ද ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති අතර, අල්-මජාඩෙල් (al-Majadel) සහ මජ්ඩල් සූන් (Majdal Zoun) යන නගරවලට ද ගුවන් ප්‍රහාර (Raids) එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මූලාශ්‍රය - අල්ජසීරා
Related recommendation
Hiru TV News | Programmes