General12 June 2026

කුඩා ගඟේ ජල මට්ටම ඉහළට: දිස්ත්‍රික්ක 4කට අදියර 01 යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

පවතින වැසි තත්ත්වය හේතුවෙන් කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම අවදානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ ප්‍රධාන ඉංජිනේරු චාමර යාපා ආරච්චි කියා සිටියේ, කැළණි, ගිං, නිල්වලා යන ගංගාවල මෙන්ම අත්තනගලුඔය ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ද ජල මට්ටම පිළිබදව අවධානයෙන් සිටිය යුතු බවයි.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක 4ක් සඳහා අදියර 01 යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඔගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, අයගම, රත්නපුර, ගොඩකවෙල, කලවාන සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නිවේදනය බලපැවැත්වෙන බවයි එම ආයතනය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes