General12 June 2026

සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් අගෝස්තු 28 යළි කැඳව‍යි

දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහිව පනවා ඇති නඩුව අගෝස්තු 28 යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (12) නියෝග කළා.

සිද්ධියට අදාලව විමර්ශන අවසන් කර වැඩිදුර වාර්තාවක් ගොනු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදී අල්ලස් කොමිසමට නියෝග කළා.

මග නැගුම නාගරික හා ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මොරටුව මහ නගර සභාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රොන්ත්‍රාත් 112කට අදාල ගෙවීම් මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් සිය හිතවතුන්ට ගෙවීම තුළින් සැකකරු විසින් රජයට පාඩුවක් සිදුකර ඇති බව කියන සිද්ධියට අදාලව මොහු ඇප මත මුදා හැර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes