General13 June 2026

අමාරුවෙන් අතට ගත්ත බලය අපි ලේසියෙන් ආපහු දෙන්නේ නෑ - ඇමති ලාල්කාන්ත

සියවස් ගණනකට පසු එක පන්තියකින් තව පන්තියකට මාරු වුණ බලය ලේසියෙත් අත්නොහරින බව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත පවසනවා.

විදුලි සේවක සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ,

"සියවස් ගණනකට පස්සේ එක පන්තියකින් තව පන්තියකට බලය මාරු වුණේ. අපිත් ලේසියෙන් මේක අතහැරලා දමලා ගහලා යන්නේ නෑ. අපි මේක බන්දේසියක තියලා ආ මේක ගන්න කියලා දෙන්නෙ නෑ.. මොකද අපිට බලය ලැබුණෙත් බන්දේසියක තියලා නෙවෙයි." යනුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes