General13 June 2026

උසස් පෙළ විභාගයට පෙර විෂය නිර්දේශ අවසන් කරන්න: අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා අගෝස්තු මස 7 වැනිදා දක්වා පාසල් පවත්වන දින ගණන දැනුම් දෙමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, එම විභාගයට නියමිත විෂය නිර්දේශ සම්පූර්ණයෙන් ආවරණය කර සිසුන් විභාග සඳහා සූදානම් කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පළාත් පාලන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ඇතුලු අධ්‍යාපන බලධාරින්ට දැනුම් දී ඇත්තේ.

කිසියම් පාසලක විෂය නිර්දේශ ආවරණය කිරීමේ ප්‍රමාදයක් පවතී නම් ඒ සඳහා පූර්ව සැලැස්මක් සහිතව කටයුතු කර අමතර කාලයක් යොදාගෙන හෝ විෂය නිර්දේශ ආවරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

පසුගිය කාලයේ පැවති ආපදා තත්ත්වය සහ බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම නිසා උසස් පෙළ සිසුන්ට දින 15 ක කාලයක් අහිමිවී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes