General13 June 2026

මාතලේ මාරක අනතුරක්

ගෑස් පැටවූ ලොරියක් හා යතුරුපැදියක් ගැටීමෙන් මාතලේ රජ වීදියේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් (74) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර හේතුවෙන් යතුරුපැදියේ ගමන් ගත් දොළොස් හැවිරිදි දරුවෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිසිය පැවසුවේ.

උකුවෙල ප්‍රදේශයේ සිට මාතලේ නගරයේ උපකාරක පංතියක් සඳහා දරුවෙකු රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ යතුරුපැදියේ පිටුපසින් පැමිණි ගෑස් ලොරිය ගැටී ඇති බව‍යි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාතලේ පොලිසිය මඟින් සිදු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes