General13 June 2026

ආදිවාසී නායකයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබෙනවා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ සිදු වූ එම හමුවේදී ආදිවාසී ජනතාව මුහුණදෙන ගැටලු‍ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එම ජනතාවගේ පාරම්පරික ඉඩම් පරිහරණය සම්බන්ධයෙන් පවතින දුෂ්කරතා පිළිබඳව ද අවධානය යොමුව තිබුණා.

ආදිවාසී ජනතාවට බාධාවකින් තොරව පාරම්පරික ඉඩම් භුක්ති විඳීමට අයිතියක් ඇති බව සහ ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් අවසන් කිරිමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes