International13 June 2026

අමෙරිකා - ඉරාන සාම ගිවිසුම ඉදිරි පැය 24 තුළ අවසන් අදියරට - පාකිස්ථාන අගමැතිගෙන් හෙළිදරව්වක්

අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක් ඉදිරි පැය 24ක කාලය ඇතුළත අවසන් අදියරට එළඹීමට බොහෝදුරට ඉඩ ඇති බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් (Shehbaz Sharif) විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා තිබෙනවා.

මෙම එකඟතාවයට පැමිණීමෙන් අනතුරුව වහාම අදාල සාම ගිවිසුම සඳහා විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අත්සන් තැබීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව, ඊට අදාල තාක්ෂණික මට්ටමේ සාකච්ඡා (Technical-level talks) ලබන සතියේදී ආරම්භ කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes