International13 June 2026

අපි පාසල් උත්සවවලට යන්නේ දරුවන්ට නව දැනුම සහ ආකල්ප දෙන්න - මාලිමා මන්ත්‍රී

තම පක්ෂය ප්‍රතික්ෂේප කළේ පාසල සහ දරුවන් සිය දේශපාලනය ප්‍රවර්ධනයට අවභාවිත කිරීමේ මජර සංස්කෘතිය බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසනවා.

පැය තුනකට අධික කාලයක් පාසලක අධ්‍යාපන කටයුතු නතර කර උත්සව පැවැත්වීම පිළිබඳ එම උත්සවය අවසානයේ මාධ්‍යවේදියෙකු මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු මේ බව පවසා සිටියා.

ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා නායකත්වය දීම දේශපාලන අධිකාරියේ වගකීම බවත් තමන් ඉටුකළේ එම වගකීම බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

උත්සව වෙනුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතු නතර කළද සිය කතාවලින් දරුවන්ට නව දැනුමක් සහ නව ආකල්ප දුන් බවත් එය නව දේශපාලන සංස්කෘතිය බවත් චන්දන සූරියආරච්චි අවධාරණය කරනවා.
Related recommendation
Hiru TV News | Programmes