දුරකථන සම්ප්‍රේෂණ කුළුණුවල සහ මාර්ගවල ඇති දුරකථන කේබල් කපා සොරකම් කිරීම ඇතුළු දේපළ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් මත්ද්‍රව්‍ය සහ සොරාගත් භාණ්ඩ තොගයක් සමඟ රාගම සහ මොරටුව පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) සවස සිදු කළ වැටලීමකදී, එම පොලිස් වසමේ දුරකථන සම්ප්‍රේෂණ කුළුණුවල කේබල් කපා සොරකම් කරන ලද සැකකරුවන් දෙදෙනෙක් මෙලෙසෙ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 යි මිලිග්‍රෑම් 700 ක් පොලිස් භාරයට ගෙන ඇතැයි ද වාර්තා වෙනවා.
පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් විසින් රුපියල් 922,750/- ක් පමණ වටිනාකමින් යුතු කේබල් කපා සොරකම් කර ඇති බවයි.
වයස අවුරුදු 27 සහ 34 ක් වන මොවුන් රතුපස්වල හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් මත සොරකම් කරන ලද කේබල් කොටස් තොගයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
රාගම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර, මොරටුව පොලිස් වසමේ අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ද ඊයේ (13) සවස සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී ඔහු මොරටුව පොලිස් වසමේදී රුපියල් 180,000/- ක් පමණ වටිනා දුරකථන රැහැන් කපා සොරකම් කිරීම ඇතුළු, ගෙවල් බිඳ දේපළ සොරකම් රැසකට සම්බන්ධ අයෙකු බව හෙළි වී ඇතැයි පොලිසිය පවසනවා.
රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් ඇසුරින් සොරකම් කරන ලද රූපවාහිනියක් සහ තඹ කම්බි කොටස් තොගයක් පොලිස් භාරයට ගෙන තිබුණා.
මොරටුව පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Latest News
වත්මන් පාලනය රාජ්‍ය සේවකයා, දේශපාලඥයා මෙන්ම සමස්ත ජනතාවම මර්දනය කරමින් සිටිනවා: නාමල් රාජපක්ෂ
Local
14 June 2026
කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට ලකුණු 37ක ජයක්
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කඩිනම් කෙරේ
Local
14 June 2026
රුසියානු රහස් තෙල් නැවක් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ භාරයට
Local
14 June 2026
ලෝක දුම්කොළ විරෝධී දින ජාතික සැමරුම හෙට
Local
14 June 2026
ගතවූ මාස 4 තුළ අල්ලස් නඩු 13කින් පුද්ගලයින් 14ක් වැරදිකරුවන් කෙරේ: 10ක්ම රාජ්‍ය නිලධාරීන්
Local
14 June 2026
දුරකථන කේබල් සොරකම් කළ සැකකරුවන් තිදෙනෙක් රාගම සහ මොරටුවෙන් කොටු
Local
14 June 2026
පාපන්දු ලෝක කුසලානයේ හයිටිය පරාජය කරමින් ස්කෝට්ලන්තයට ජය
Local
14 June 2026
කොදෙව් පිලට ලකුණු 195ක ඉලක්කයක්
Local
14 June 2026
අබුඩාබි හිදී කොටු වූ බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර මෙරටට රැගෙන එයි
Local
14 June 2026