General14 June 2026

මෝදර නිපුන නමැත්තාගේ සහෝදරයාට පැය 72 ක රැඳවුම් නියෝග

ඩුබායි හි අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මෝදර නිපුන නමැත්තාගේ සහෝදරයා වන චතුර දිල්රුක්ශාන් නැමැත්තාට පැය 72 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

එමෙන්ම ඔහු සමග මෙරටට රැගෙන ආ බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාට ද හෙට දිනයේදී රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (13) රාත්‍රියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට රැගෙන එනු ලැබුවා.

පසුව පැය 14 ක කාලයක් සදහා බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරීන් භාරයේ තබා ගනිමින් අද පෙරවරුවේ කොළඹ උතුර අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ලබා දෙනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes