විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "ඩුබායි තාරු" නමැත්තාගේ මත්ද්‍රව්‍ය නාවලපිටිය, ගම්පොළ, හපුගස්තලාව සහ ගිනිගත්හේන යන ප්‍රදේශවල ස්ථානගත කරමින් බෙදාහැරීමේ නිරත වූ අඹුසැමි යුවළක් මෝටර් රථයක් සහ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඊයේ (13) අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා.
නාවලපිටිය, හපුගස්තලාව, රුවන්පුර ප්‍රදේශයේ පදිංචි මෙම අඹුසැමි යුවළ ගම්පොළ ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය බෙදාහරින බවට නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලද රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.
මෙම සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම මෝටර් රථය තුළ ඔවුන්ගේ අවුරුදු තුනක් වයසැති දියණිය ද සිටි බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2480ක් සහ බිරිඳගේ පපු ප්‍රදේශයේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 180ක් පොලිසිය විසින් සොයාගෙන තිබුණා.
නාවලපිටිය පොලිසිය විසින් සිදු කළ මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ 31 හැවිරිදි සැකකරු සහ 28 හැවිරිදි ඔහුගේ බිරිඳ, "ඩුබායි තාරු"ගේ ගෝලයන් විසින් තමන්ට ලබාදෙන මත්ද්‍රව්‍ය මෙලෙස සුරක්ෂිතව ප්‍රවාහනය කර ඇති බවයි.
පසුව අදාල ප්‍රදේශවල විවිධ ස්ථානවල ඒවා සඟවා, එම ස්ථාන ඡායාරූපගත කොට වට්සැප් (WhatsApp) යෙදවුම ඔස්සේ "ඩුබායි තාරු" වෙත යැවීම තමන් විසින් සිදුකළ බවට සැකකරුවන් පාපොච්චාරණය කර ඇතැයි පොලිසිය පවසනවා.
Latest News
පේරාදෙණිය රෝහලේ නවීකරණය කළ හදිසි අනතුරු ඒකකය සහ ප්‍රධාන රසායනාගාරය විවෘත කෙරේ:
Local
14 June 2026
වෙස්ලි විද්‍යාලය පරදා සහිරා විද්‍යාලයට 38-24ක විශිෂ්ට ජයක්
Local
14 June 2026
ඉංගිරිය පොලිසියේ සැරයන්වරයකු නිල නිවාසය අසල බිම වැටී මියගිහින්
Local
14 June 2026
මත්ද්‍රව්‍ය පානය කර බස් රථ ධාවනය කළ රියැදුරන් සහ සහායකයින් පස් දෙනෙකු හොරණදී කොටු
Local
14 June 2026
මෝදර නිපුන නමැත්තාගේ සහෝදරයාට පැය 72 ක රැඳවුම් නියෝග
Local
14 June 2026
G-7 රාජ්‍ය නායක හමුව හෙට ඇරඹේ
Local
14 June 2026
"ඩුබායි තාරුගේ" මත්ද්‍රව්‍ය බෙදූ අඹුසැමි යුවළක් කොටු
Local
14 June 2026
උස්වැටකෙයියාව වෙරළෙන් සහ මාවතගම ළිඳකින් මෘත ශරීර දෙකක් හමුවේ
Local
14 June 2026
යුද හමුදා බුද්ධි තොරතුරකින් මහා පරිමාණ කංසා හේන් 2ක් වටලයි
Local
14 June 2026
සමාජ මාධ්‍ය නීති උල්ලංඝනය කළ පකිස්ථානුවන් 3,500ක් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරයි
Local
14 June 2026