විෂ මත්ද්‍රව්‍ය පනය කර සිටි බස් රථ රියැදුරන් සහ රිය සහායකින් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.
හොරණ නගරයේ දී සිදු කළ විශේෂ පරීක්ෂාවකදී මේ බව තහවුරු කරගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.
ප්‍රවාහන අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හා හොරණ පොලිසිය එක්ව මෙම පරීක්ෂාව ක්‍රියාත්මක කළ අතර හොරණ නගරයෙන් ආරම්භ වන ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථවල සේවය කරන රියැදුරු සහ සහායකවරු 151 දෙනෙකු මෙහිදී පරීක්ෂාවට ලක් කර තිබුණා.
මත්ද්‍රව්‍ය පානය කර බස් රථ ධාවනය කිරීම නිසා සිදුවන අනතුරු වළක්වා ගැනීම සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ අරමුණින් මෙම විශේෂ පරීක්ෂාව සිදු කළ බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරනවා.
හොරණ සහකාර පොලිස් අධිකාරී ඊ. ඒ. ඒකනායකගේ මූලිකත්වයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විමල් ආනන්ද ඇතුළු නිලධාරීන් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණා.
Latest News
අලුත්ගමදී මුහුදේ නෑමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් දිය රළකට හසුවී ජීවිතක්ෂයට
Local
14 June 2026
තාමත් හොරකම් සිදුවෙන නිසා මිනිස්සු අපිට බනිනවා - ලාල්කාන්ත
Local
14 June 2026
ඔක්තෝම්බර් - නොවැම්බර් ලංකාවට ලොකු ගංවතුරක් එනවා - කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
Local
14 June 2026
පොසොන් උත්සවයට තවමත් රජයෙන් කිසිම සූදානමක් නෑ - මිහින්තලා විහාරාධිපති
Local
14 June 2026
ඩී. එස්. පිල පරදා විද්‍යා විද්‍යාලයට 37-36 ක තියුණු ජයක්
Local
14 June 2026
කළින්ට වඩා මේ සැරේ ඩෙංගු දරුණුයි.. ගොඩාක් අයට හැදෙන්න පුළුවන්.. - සෞඛ්‍ය නි. ඇමති
Local
14 June 2026
කෝපායි පොලිසිය විවෘත කෙරේ
Local
14 June 2026
රට පුරා ඩෙංගු දැඩි අවදානමක: මර්දන සතිය හෙට සිට ඇරඹේ!
Local
14 June 2026
පේරාදෙණිය රෝහලේ නවීකරණය කළ හදිසි අනතුරු ඒකකය සහ ප්‍රධාන රසායනාගාරය විවෘත කෙරේ:
Local
14 June 2026
වෙස්ලි විද්‍යාලය පරදා සහිරා විද්‍යාලයට 38-24ක විශිෂ්ට ජයක්
Local
14 June 2026