General14 June 2026

මත්ද්‍රව්‍ය පානය කර බස් රථ ධාවනය කළ රියැදුරන් සහ සහායකයින් පස් දෙනෙකු හොරණදී කොටු

විෂ මත්ද්‍රව්‍ය පනය කර සිටි බස් රථ රියැදුරන් සහ රිය සහායකින් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.

හොරණ නගරයේ දී සිදු කළ විශේෂ පරීක්ෂාවකදී මේ බව තහවුරු කරගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ප්‍රවාහන අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හා හොරණ පොලිසිය එක්ව මෙම පරීක්ෂාව ක්‍රියාත්මක කළ අතර හොරණ නගරයෙන් ආරම්භ වන ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථවල සේවය කරන රියැදුරු සහ සහායකවරු 151 දෙනෙකු මෙහිදී පරීක්‍ෂාවට ලක් කර තිබුණා.

මත්ද්‍රව්‍ය පානය කර බස් රථ ධාවනය කිරීම නිසා සිදුවන අනතුරු වළක්වා ගැනීම සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ අරමුණින් මෙම විශේෂ පරීක්ෂාව සිදු කළ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරනවා.

හොරණ සහකාර පොලිස් අධිකාරී ඊ. ඒ. ඒකනායකගේ මූලිකත්වයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විමල් ආනන්ද ඇතුළු නිලධාරීන් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes