General14 June 2026

තාමත් හොරකම් සිදුවෙන නිසා මිනිස්සු අපිට බනිනවා - ලාල්කාන්ත

රාජ්‍ය සේවය තුළ තවමත් සොරකම් සිදුවන බවත් එමනිසා රජය ජනතාවගෙන් බැනුම් අහන බවත් ලාල්කාන්ත අමාත්‍යවරයා පවසනවා.

රටතුළ මුදල් පිළිබඳ කිසිඳු ගැටළුවක් නොමැති බවත් ගැටළුව ඇත්තේ සොරකම් සිදුවීම බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලාල්කාන්ත පවසා සිටියේ,

"දැන් රටේ තියෙන්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කළාම රුපියල් 60යි වැඩ. රාජ්‍ය සේවයේ තාම හොරකම් වෙනවා. තාම මිනිස්සු බනිනවා. බනින්නේ අපිට" යනුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes