International14 June 2026

ඩොනල්ඩ් ට්‍රම්ප් අද 80 වැනි විය සපුරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 80 වැනි ජන්ම දිනය අදට (14) යෙදී තිබෙනවා.

1946 වසරේ ජූනි මස 14 වැනිදා නිව්යෝර්ක්හිදී උපත ලද ට්‍රම්ප් ජනාධිපති ධුරය දරන අතරතුර වයස අවුරුදු 80 සීමාව පසුකළ දෙවැනි අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වනවා.

එමෙන්ම අමෙරිකාවේ ජනාධිපති ධූරය හොබවන වයස්ගතම පුද්ගලයා බවට පත්වීමේ වාර්තාව දෙසට ද ජනපති ට්‍රම්ප් ළඟාවෙමින් සිටිනවා.

ට්‍රම්ප්ගේ 80 වැනි උපන්දිනය වෙනුවෙන් ෆ්ලොරිඩා හි පිහිටි ඔහුගේ සුප්‍රසිද්ධ 'Mar-a-Lago' හිදි විශේෂ උත්සවයක් පැවැත්වීමට ද නියමිතයි.

එමෙන්ම ජනපති ට්‍රම්ප් මේ වනවිට යහපත් ශාරීරික සහ මානසික සෞඛ්‍ය මට්ටමකින් පසුවන බව ද ඔහුගේ වෛද්‍ය කණ්ඩායම පවසනවා.

ට්‍රම්ප්ගේ උපන්දිනය නිමිත්තෙන් ධවල මන්දිර පරිශ්‍රයේ "UFC Freedom 250" තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

කෙසේවෙතත් මෙම තරගය ධවල මන්දිර පරිශ්‍රයේ පැවැත්වීම සම්බන්ධයෙන් අමෙරිකානුවන් අතර මතභේදයක් පවතින බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Related recommendation
Hiru TV News | Programmes