General15 June 2026

අත්තනගල්ල - කිරිඳිවැල ප්‍රදේශ රැසක හෙට ජල සැපයුම අත්හිටුවයි

අත්තනගල්ල, කිරිඳිවැල ජල පිරිපහදු ඒකකයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) පෙරවරු 8.00 සිට (17) වැනිදා පෙරවරු 3.00 දක්වා පැය 19 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවීම බලපාන ප්‍රදේශ අතර මිනුවන්ගොඩ, අස්ගිරිය, උඩුගම්පොළ, ඕපාත සහ ඒ අවට ප්‍රදේශ වන බව සඳහන්.

එමෙන්ම ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශය, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, වැලිවේරිය, බැලුම්මහර, රතුපස්වල හා ඒ අවට ප්‍රදේශ ඇතුළත්.

තවද මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මංගලගම, කිරිල්ලවල, කීර්තිවන්ත, තිහාරිය, ඇටි කෙහෙල්ගල්ල සහ ඒ අවට ප්‍රදේශ වන බව සඳහන්.

මීට අමතරව රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය, ඌරාපොළ, අත්තනගල්ල, බෝගමුව, වෑබඩවෙල සහ ඒ අවට ප්‍රදේශ මෙන්ම නිට්ටඹුව, වේයන්ගොඩ, කලගෙඩිහේන, තිහාරිය, නයිවල සහ ඒ අවට ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes