General16 June 2026

යෝෂිත රාජපක්ෂගේ පෙත්සම පිළිබඳ අභියාචනාධිකරණ නියෝගය ජූලි 03 වැනිදා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ "කුමන්ත්‍රණය" නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි නියෝගය ජූලි මස 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා.

පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් කරුණු ඉදිරිපත් කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඉන් අනතුරුව විභාගය අවසන් කළ අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.
Related recommendation
Hiru TV News | Programmes