General16 June 2026

උණ ගැනී පැය 48න් ළමයින්ගේ ලේ පරීක්ෂා කරන්නැයි දැනුම්දීමක්

ඩෙංගු අවධානම ඉහළ ගොස් ඇති නිසා උණ රෝගය වැළඳී පැය 48 කට පසු ළමයින්ගේ රුධිර පරීක්ෂාවක් සිදුකළ යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය විරාජ් ජයසිංහ පවසනවා.

කොළඹ අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මේ අතර දැනට සිදුකර ඇති පරීක්‍ෂාවන්ට අනුව පාසල් පද්ධතිය ආශ්‍රිතව ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන වැඩි වශයෙන් වාර්තා වි ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද එක්වෙමින් කියා සිටියා.

එමෙන්ම ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව දිවයිනේ සියලු‍ පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන ඉලක්ක කරගනිමින් අනිද්දා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes