General17 June 2026

තෙල්දෙණිය රෝහල ආසන්නයේ රථගාලක මෝටර් රථයක් තුල තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනේ

තෙල්දෙණිය මූලික රෝහල ආසන්නයේ පිහිටි රථගාලක නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ දේහයක් සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් විසින් අදාළ මෝටර් රථය තුළ තිබූ දේහය දැක ඒ පිළිබඳව වහාම තෙල්දෙණිය පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes