General17 June 2026

අධිවේගයේ ආසන පටි අනිද්දා සිට අනිවාර්යයි

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රියැදුරන්ට සහ මගීන්ට ආරක්ෂිත ආසන පටි පැලඳීමේ නීතිය ලබන (19) වැනිදා සිට අනිවාර්ය වනවා.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මකයි.

මෙම නව නීතිය පිළිබඳව ජනතාව සහ රියැදුරන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද දින (17) කොට්ටාව අධිවේගී මාර්ග හුවමාරු මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.

ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රියැදුරන් සහ මගී ජනතාව දැනුවත් කිරීම සඳහා මීට පෙර මාස 3ක සහන කාලයක් ලබා දී තිබුණා.

එම කාලය එළඹෙන ජුනි 19 වැනිදායින් අවසන් වනු ඇති.

ඒ අනුව එදින සිට නීතිය තදින්ම බලාත්මක වන අතර, නීතිය කඩකරන්නන්ට එරෙහිව රුපියල් 1,000කට යටත් වන දඩ මුදලක් පැනවීමට නියමිතයි.

ඉදිරියේදී පවතින නීතිමය ප්‍රතිපාදන අනුව රියැදුරු, මගියා මෙන්ම වාහන හිමිකරු ද මෙම වගකීමට සහ වරදට සෘජුවම යටත් වන බවයි එම අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes