General17 June 2026

බෙන්තොට දරුණු රිය අනතුරකින් තුන්දෙනෙක් රෝහලට

භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් යතුරුපැදියක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් පසුව පාරෙන් ඉවතට පැන පෙරළී වෙළෙඳසලක් කඩාගෙන නතරවීමෙන් අද (17) පස්වරුවේ සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙකු හා ලොරි රථ රියැදුරු තුවාල ලබා ඇතැයි බෙන්තොට පොලිසිය පැවසුවා.

තුවාලකරුවන් රෝහල් වෙත යොමු කිරීමට පියවර ගත් බවද පොලීසිය සඳහන් කළා.

ලොරියේ රියැදුරුට නින්ද යාම නිසා මේ අනතුර සිදුවී ඇති බවටයි සැක කෙරෙන්නේ.

අනතුරට පත් ලොරි රථ රියැදුරු කරන්දෙණිය ප්‍රදේශයේ අයෙක් වන අතර යතුරුපැදියේ ගමන් ගෙන තුවාල ලැබූ දෙදෙනා ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

බෙන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Related recommendation
Hiru TV News | Programmes