ලෝක පාපන්දු තරගාවලිය යටතේ ඉදිරියේදී පැවැත්වෙන තරඟයක් නැරඹීම සඳහා කේප් වර්ඩ් කණ්ඩායමේ සුපිරි ගෝල් රකින ක්‍රීඩක වොසින්හාගේ (Vozinha) මවට අමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමට වීසා බලපත්‍රයක් තහවුරු කර ඇති බව අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්රටික් පක්ෂ නායක හකීම් ජෙෆ්රිස් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, වොසින්හාගේ මව වන ඇනා කැන්ඩිඩා එවෝරා සහ ඇගේ 40 හැවිරිදි පුත්‍රයා එළඹෙන ඉරිදා මියාමි නුවරදී යළි හමුවීමට නියමිතයි.
අමෙරිකාවට ඇතුළු වීම සඳහා අවශ්‍ය වීසා බලපත්‍රයට අදාළ ඇපකර මුදල පියවීමට නොහැකි වීම හේතුවෙන් ඇනා කැන්ඩිඩාට මීට පෙර තම පුතුගේ ක්‍රීඩාව නැරඹීමට පැමිණීමට හැකියාවක් තිබුණේ නැහැ.
තරගයකින් අනතුරුව වොසින්හා ද මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ තම මවට තමන් ක්‍රීඩා කරන අයුරු දැකීමට වීසා ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.
මෙම ගැටලුව පිළිබඳව අවධානය යොමු කළ ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සුළුතර පක්ෂ නායක හකීම් ජෙෆ්රිස්, වොසින්හාගේ මවට රට තුළට ඇතුළු වීමට අවසර දෙන ලෙස එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගෙන් ඉල්ලා සිටියා.
ඇගේ සියලුම වීසා ගාස්තු නිදහස් කිරීමට පියවර ගැනුනා.
මියාමි හි පැවැත්වෙන කේප් වර්ඩ් කණ්ඩායමේ මීළඟ තරඟය සඳහා ඇයව සහභාගී කරවීමට අවශ්‍ය ප්‍රවාහන කටයුතු ද මේ වන විට සූදානම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ලෝක පාපන්දු තරගාවලියේ 'H' කාණ්ඩය යටතේ කේප් වර්ඩ් කණ්ඩායම සහභාගී වන ඔවුන්ගේ දෙවැනි තරගය එළඹෙන ඉරිදා උරුගුවේ කණ්ඩායමට එරෙහිව මියාමි හිදී පැවැත්වීමට නියමිතයි.

Latest News
රොබින් හුඩ්ගේ සැඟවුම්පොළ ලෙස ප්‍රකට, බ්‍රිතාන්‍යයේ වසර 1200ක් පැරණි සුප්‍රසිද්ධ 'මේජර් ඕක්' වෘක්ෂය මියයයි
Local
18 June 2026
''මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කරන්න ටික කාලයක් යනවා'' - ඇමති ආනන්ද විජේපාල
Local
18 June 2026
ස්පයිඩර් මෑන් ප්රචාරක චාරිකාව ඇරඹෙයි - විවාහයෙන් පසු සෙන්දයා සහ ටොම් හොලන්ඩ් පළමු වරට එකට කරළියට
Local
18 June 2026
සූගීෂ්වර බණ්ඩාර ජුලි 01 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
18 June 2026
''උද්ධමනය 2-3% දක්වා අඩු කරන්න'' රවීගෙන් විශේෂ ආර්ථික යෝජනාවලියක්
Local
18 June 2026
සයුර නැව තමාගේම සමාගමකට බදු දී රජයට පාඩු කළැයි ධීවර සංස්ථාවේ හිටපු සභාපති ඇතුලු දෙදෙනෙකුට ඇප
Local
18 June 2026
''රජයේ අනුමැතිය නැතිව කිසිම වැඩසටහනකට පාසලේ ඉඩ නෑ'' අගමැතිනියගෙන් දැඩි නියෝගයක්
Local
18 June 2026
කේප් වර්ඩ් ගෝල් රකින්නාගේ මවට අමෙරිකානු වීසා බලපත්‍රයක් හිමිවෙයි
Local
18 June 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 50.23කින් ඉහළට
Local
18 June 2026
ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 136කට සහ ආයතන 23කට ලක්ෂ 16යක දඩ
Local
18 June 2026