General18 June 2026

''රජයේ අනුමැතිය නැතිව කිසිම වැඩසටහනකට පාසලේ ඉඩ නෑ'' අගමැතිනියගෙන් දැඩි නියෝගයක්

දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් රජයක් වශයෙන් අතිවිශාල කැපකිරීමක් සිදුකරන බවත්, එබැවින් විවිධ සංවිධාන හා පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන රජයේ නිල අනුමැතිය හිමි නොවන කිසිදු වැඩසටහනක් පාසල් පද්ධතිය තුළ සංවිධානය කිරීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අවධාරණය කරනවා.

අගමැතිනිය මේ බව කියා සිටියේ ඊයේ (17) අනුරාධපුර උතුරු මැද පළාත් සභා පරිශ්‍රයේදී, උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ පවත්වන ලද විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින්.

මෙම සාකච්ඡාවේදී උතුරු මැද පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ වත්මන් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලුණු අතර, එහිදී පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් මුහුණ දී ඇති ප්‍රධාන ගැටලු රැසක් අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව, පළාතේ පාසල් පද්ධතිය තුළ පවතින අධ්‍යයන, සුබසාධන මෙන්ම පරිපාලනමය ගැටලු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
Related recommendation
Hiru TV News | Programmes